කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ඇහැළේපොළ නිලමේ තුමා පිළිබදව 2014.06.01 දින ඉරිදා මවුබිම පුවත්පතේ සැණකෙළිය අතිරේකයට සපයන ලද ලිපියට අනුව ඇහැළේපොළ නිලමේ විසින් රාජසිංහ රජතුමාට පිරිනැමීමට ඔටුන්නක් සකස් කළ බව සදහන්වේ. අපගේ අදහස වන්නේ මඩුවන්වෙළ දිසාව විසින් ඇහැලේපොලට ඔටුනු පැලැදීම සඳහා මෙම ඔටුන්න සකස්කල බවයි.
අපගේ බෙහෝ උගතුන් මහාවංශය. බෙල්.රෙබට්නොක්ස්. කුමාරස්සාමි හා ඩොයිලිගේ දිනපොත ආදිතොරතුරු මතම හිරවී ඇත.පැරනි උගත් ශිලිපීන් ගෙන් කරුණු රැස්කරන්නට
ක්‍රමවේදයක් නොතිබීමේ
හේතුවෙන් බොහෝ තොරතුරු අපගෙන් ගිලිහිගොස් ඇත. අනෙක් කරුණවන්නේ ගම්වල පැරන්නන්ගේ තොරතුරු කොතරම් සත්‍ය උවත් පිළිගැනිමට අති අකමැත්තයි. මේ ලිපියේ ඇති තතු කීපවරක්ම කියවූවත් ඔටුන්න පිළිබදවත් ශිල්පියා පිළිබදවත් වෙනත් කිසිදු තොරතුරක් එහි
නොවීය. ඒ පිළිබදව මා සතුව පවතින තොරතුරු
හෙලි කරන්නට මම අදහස් කළෙමි.
ඇහැළේපොළ නිළමේ
වෙනුවෙන් සකස් කළ ඔටුන්න මෙතෙක් ලංකා ඉතිහාසයේ සකස් කළ අවසාන ඔටුන්න ලෙස වාර්තා වේ. ලංකා ඉතිහාසයේ
පළමු ඔටුන්න සකස් කළේ මහා සම්මත රජුට වන අතර ඒ ඔටුන්න මහා සම්මත රජුගේ සහෝදරිය වූ මනුනා කුමරියගේ පුතා විසින් සකස්කර ඇත. ඒ කථා පුවතද රසවත් කථාවකි.
මනුනා කුමරිය
අවිවාහකව සිට ගැබ් ගත් බැවින් රජ පවුලට සිදු වූයේ මහත් කැළලකි. එබැවින් රජු විසින් මනුනා කුමරිය මරා දැමීමට නියෝග
කරන ලදී. ජනප්‍රවාදයට අනුව විශ්ව කර්මයා
විසින් හඳ පලා අතක් දමා රාජපුරුෂයන් බියගන්වා කුමරිය බේරා ගත්තේය. කථාව කෙසේ වෙතත් මේ චිත්‍රය නවන්දන්නා කොඩියේ ඇති
අතර අවාසනාවකට ජාතික කෟතුකාගාරයේ පැවති එම කොඩිය ඉවත් කර ඇත.
පසුව මනුනා කුමරියගේ පුතා විසින් මහා
සම්මත රජුගේ ඔටුන්න සකස් කර ඇත. එය ලංකා ඉතිහාසයේ වාර්තා වන පළමුවන ඔටුන්න වේ. මීලඟට දුටු ගැමුණු
කුමරුට සකස් කළ ඔටුන්න කපු පිළියෙන් නිමවා රත්‍රං නූලෙන් වැඩ දමා ඇත.
අවසාන වශයෙන්
සකස්කළ ඔටුන්න වන්නේ මඩුවන්වෙල වලව්වේ දී
ඇහැලේපොළ නිලමේ
වෙනුවෙන් අඟුල්මඩුවේ ශිල්පියෙකු වූ උබේසිරි දන්තනාරායන ගම්මාචාරිගේ උභයරත්න උබයස්හාමි ශිල්පියා
විසින් සකස්කල ඔටුන්න වේ
හම්බන්තොට දිස්තික්කයේ බෙලිඅත්ත නගරයෙන්
වලස්මුල්ල පාරේ සැතපුම් 2ක් පමණ ගිය විට දම්මුල්ල හංදිය හමුවේ. දම්මුල්ල හංදියෙන් මීටර් 200ක් පමණ වීරකැටිය පාරේ යන විට දකුණට ඇති දම්මුල්ල අඟුල්මඩුවපාරේ මීටර් 500 ක් පමණ
දුරින් අඟුල්මඩුව ගම හමුවේ.
මේ සුන්දර ගම්මානයේ ඉතිහාසය
අතීතයේ රාවනා යුගය දක්වා දිවයයි. අඟුල්මඩුව ගමටමායිම්ව බෙලිගල්ල,වාඩිය හා ඇත්ගාල්මුල්ල ගම් පිහිටා
ඇත. දුටුගැමුණු රජුගේ
බල සේනාව නතර කර තිබුනේ බෙලිගල්ලේය. බළ ගොල්ල - බෙලිගල්ල නම් විය. දුටු ගැමුණු රජු
වාඩිලා සිටියේ වාඩියේය. ඇතුන් නතරකර තිබුනේ ඇත්ගාල්මුල්ලේය. රජුට අවශ්‍ය ආයුධ සකස් කළේ අඟුල් මඩුවේ
දීය.
ගිරුවාපත්තුවේ අඟුල්මඩුව
ගම්මානය රාවනා රජ සමයේ දී මංගර නම් ඇමතිවරයාට අවශ්‍ය
රන් ආභරණ සකස් කරදුන් පාරම්පරික කැටයම් කරුවන් ජීවත් වූ ඉපැරණි ගම්මානයකි.විහාර
මහා දේවියගේ සරණ මංගල්‍යයේ
දී සියළුම රන් ආභරණ තනා දීමෙන් අඟුල්මඩුව චිරප්‍රසිද්ධියට පත් අත්කම්භාණ්ඩ නිෂ්පාදන ගම්පෙදෙසක්ව තිබින.පුභූවරුන් සඳහා
රනින්ද,දැවයෙන්ද වෙනත් ලෝහ වලින්ද අංවලින්ද කැටයම් කැපීම නිසා ගිරුවාපත්තුවේ අඟුල්මඩුව කැටයම්
කැපීමේ කලාවෙන් ප්‍රසිද්ධව
තිබිණි. එකල පමණක්ම නොව දැනටද ශ්‍රී ලංකාවේ අති දක්ෂ කැටයම් ශිල්පීහු සිටීනම් ඔවුන් අඟුල්මඩුවේ පරම්පරා වලින්
බිහිවූවෝ වෙති.
අද අප රටට අවශ්‍ය ඉංජීනේරුවන් බ්හිකරන්නේ මොරටුව හා
පේරාදෙනිය සරසවි වලිනි.ඒ කාර්ය්‍ය එදා කලේ
අඟුල්මඞුවේදිය. අදටත්
ලංකාව පුරාම නොයෙක්
කේෂත්‍ර වල අගුල්මඞුවේ කාරමිකයින් සේවය කරනු ලබයි.පිත්තල කර්මාන්තය ගැන කතාතරන විට බොහෝදෙනා දන්නේ මහනුවර පිළිමතලාව හා ගඩලාදෙනිය ප්‍රදේශ පිළිබඳවයි.
ඇත්තවශයෙන්ම නියම ඉටි වාත්තු (පිත්තල) කර්මාන්තයේ මූලාරම්භයඅඟුල්මඩුවයි. මහනුවරට
මේ කර්මාන්තය ගියේ
අඟුල්මඩුවෙනි.අඟුල්මඩුව
පිත්තල කර්මාන්තය ,රන් රිදී කර්මාන්තය, කම්මල්
කර්මාන්තය, ගැල්වනයිස්
පීලි නිෂ්පාදනය,වඩු කර්මාන්තය, ගොඩනැගිලි ඉදිකිරීම, පිළිම නෙලිම, ලාක්ෂා කර්මාන්තය, සංගීතභාණ්ඩ
නිෂ්පාදනය, පනා කැපීම(අං පදම් කර භාණ්ඩ නිෂ්පාදනය), පෑස්සුම්(වෙල්ඩින්), ලියවන
පට්ටල්, වාහන අලුත්වැඩියා කිරීම, ආදී සියළුම කර්මාන්ත වලට අදාළ ශිල්පීන් අඟුල්මඩුව ගමෙන් බිහි කර ඇත.
මහනුවර දළදා මාළිගවේ ලාක්ෂා කර්මාන්තය කලේ අඟුල්මඞුවේ සායම් ගෙදර ශිල්පින් විසිනි.දළදා වහන්සේ
තැන්පත්කර තිබෙන රනින්කල නෙලුමිමල සකස්කලේද අඟුල්මඞුවේ කහටගහවත්ත ගෙදර පියසේන නැමති ශිල්පියා විසිනි.අඟුල්මඞුව ප්‍රසිද්ධියට
පත්වුයේ කර්මාන්ත වලට පමනක් නොව වෙදකමටත් ඒ වගේම ප්‍රසිද්ධියක් දැරිය.රස වෙදකම( සින්දුරන් වෙදකම) තවමත්
ඇතත් ගෙඞි පිලිස්සිම, ගස්වෙදකම, ඇස්වෙදකම,විසවෙදකම අද අඟුල්මඞුවෙන් සමුගෙන ඇත.
මුහුදු බඩපලාත්
ඕලන්දක්කාරයන් ගෙන් ඉංගිසින්ට
අයිතිවිමෙන් පසු ශ්‍රීමත් ජෝන් ඩොයිලි ඇවිදින්
මාතර නිල්වලා ගඟ අසබඩ පිහිටි තාරකා කොටුවේ නැවතී
සිටියේය.මේ වකවානුවේ මාතර
තාරකාකොටුවේදි ජෝන් ඩොයිලි මුනගැසිමට ඇහැළේපොළ නිළමේ පුරුදුවිසිටියා.රත්නපුරේ ඇසළ
උත්සවයට සහභාගිවීමට මඩුවන්විල දිසාවේ පැමිණසිටියා.ඊට පෙරාතුව ගාල්ලේ මේධංකර හිමියන් හමුවි මාතර ජොන් ඩොයිලි හමුවීමේ ගමන ගැන සාකච්චාකර තිබුණි.මඩුවන්වෙළ දිසාවේ ආදළුවෙ ගම්භාරගෙරදී සකච්චාකර තිබු පරදි ඉංගිසි
ආණ්ඩකාරවරයාට දියයුතු තුටුපඩුරු ලහිලහියේ එකතුකරන්නට විය.මැණික් ගැරීමට ඩිංගිරි
බංඩියාට පැවරීය.ඇත්දත්වලින් පොල්මල්කැපීමට හා ඔටුන්න සකස්කිරිම සදහා මඩුවන්විල
මහමුදියන්සේ පනිවිඩ කරුවකු අඟල්මඩුවට යැවීය.එකල දක්ෂ කැටයම් කරුවකුවූ
උබයසිරි දන්තනාරයන උබයස් හාමි නම් ශිල්පියා මඩුවන්විල වලව්වට කැදවිය.
“ඕං ඉතිං උන්නැහෙට කිව්වම
මොකෝ මේක එහෙම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.වැඩේ බොහොම අමාරුයි ඉතා රහසෙන් කෙරෙන්න ඔන. හාං කවිසයක්
හේම එළිපිත්තු වුනොත්උබත් සුං මාත් සුං හොදට හිතේතියන් අත්පෝත් තියපන් අනාගතේ අපේ ලංකාවේ
සිංහාසනේට යහපත් වෙන උත්තමයෙකු ගෙ සිරස පළඳවන්නටයි මේ රන් ඔටුන්න හදන්නෙ.දැන් තේරුන් ගියයි .තනි රත්තරනින් හදන්න නියම කරල තියෙන්නේ මැණික් ගල් අටපට්ටම් වෙන්න ඕන. මුදුන් කේතුවට
විශාල නිල්මැණිකක් උඹට තේරුන්ගියයි දිසාවේ
ශිල්පියාගෙන් ඇසිය.මගේ
වලව්වෙ උමං දෝනාවල්
තියෙනව.උඹ එහෙම එක එකාට එළිපිත්තු කොරන්නෙ නෑ වලව්වෙ උමං ඇතුලේ තමයි
රත්තරං .මැණික් අත්දළ හගවල තියෙන්නෙ.
හොන්ඩර් වලින් රත්තරං දෙන්න උනත් මට
පුලුවන්,මැණික් පලංගන් ගනන්, ඇත්දළ දුසින් කනක්කු ගනන් වලිං බං උඹ මේ ව්ත්තිය එක එකාට අගවන්නේ එහෙම නෑ. මුලින්ම
ඇත්දළ කූට්ටමකින් පොල්මල් දෙකක් කැටයම් කරන්න ඕන.ගොබලු ගෙඩි හොදින්ම
තියෙන්න ඔන.පොල්මල් ඇට කදිමට
ඔප මට්ටම් කරපං.අපේ කර්මාන්ත වල දක්ෂ කම් සුද්දට පෙන්නන්න ඕන.උඹට වැටහුනානේ.මුලින්ම පොල්මල් වැඩේ කෙරෙන්න ඕන.ඔටුන්න ඊලගට. ඔටුන්න හදන කතන්තරේ
විතරක් උගුර අඩවන්නේ එහෙම නෑ.
එතකොට මගේ ගතමනාව,
ඒක මං බලාගන්නම්. උඹ දන්නවනේ මංගලගම ආචාරියට ලැබුනු
දේවල්.අඩුක්කු මංඩපේට දැන් ගෙහුන් සප්පායම් වෙලා වරෙන්.මඩුවන්වෙළ දිසාවෙ රන්කරුට පැවසිය.
මඩුවන්වල වලව්වෙ උමගක් තුළ හිදිමින් අඟුල්මඩුවෙ උබයස්හාම් ශිල්පියා ඇත්දත් වලින් පොල්මල් කැපිම
කරගෙන යන ලදි.ඇහැළේපොළ නිළමේතුමා පසලොස්වක පෝයදාට මඩුවන්වෙළ වලව්වට පැමිණ මේ කටයුතු සොයාබැලුවේය.ඇහැළේපොළ අධිකාරම්තුමා සපරගමුවෙ වැව්අමුණු බන්දවා ගම්මුන්ගේ හිතදිනාගෙන ප්‍රධාන රදළයන්ගෙ අත්උදව් ඇතිව මහකැරල්ලක් ලෑස්ති කලේය.මහනුවරින් වෙන්වුනු
වෙනම රාජ්ජයක් සබරගමුවෙ පටන් ගැනිමටත් මඩුවන්වෙලදි ඔටුනු පැළදීමටත් ඇහැළේපොළ
ලෙහෙස්තිවිය.
ඉංගිසි හමුදාවෙ සහාය ලබාගෙන
සබරගමුවෙ රජ්ජුරුවෝ
ලෙසින් උඩරටට ගොස් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහාසනයෙන් නෙරපාදමා මුලු සිංහලේම රජ වෙන්නට ඇහැළේපොළ
කල්පනා කලේය.
ඇඹ්ලිපියේ සිටි එස් ඩී
වනිගතිලක යකා මහතා විසින් ඔටුන්න පිළිබඳ තොරතුරු ව්ජේසිංහ බෙලිගල්ල මහතාට ලබාදි තිබු අතර විජේසිංහ බෙලිගල්ලයන් විසින්
මේ තොරතුරු ලියුම්කරුට ලබාදෙනලදි.කරතොට ධම්මාරාම නායක හාමුදුරුවන්ගේ ගෝල පරම්පරාවක පණ්ඩිත හාමුදුරුවන් නමක් වූ සංඛපාල විහාරයේ වැඩවිසු
අත්තුඩාවේ ගුණරතන හිමියන්
ඇඹිලිපිටියට පැමිණිවිට යකා මහතා ගේ නිවසේ නවාතැන්ගන්නා බවත් සංඛපාල විහාරයේ සිට සපරගමුවේ හා කොලොන්නේ
කරුණු ගැන සොයාබැලු බවත් යකා මහතා වැඩිදුරටත් ප්‍රකාශකර
තිබුණි.
අනුර මනතුංග මහතා බොහෝ දුරට උත්සාහකලේ ඇහලේපොල පිළිබඳව පවතින දුරමත ඉවත්කිරිමටයි.ඇත්තවශයෙන්ම ඇහලේපොල පිළිබදව කරුණු අධ්‍යයනය කිරීමේදි
ඔහු ජීවත්වූ ආකාරයත්.මිනිසුන් සමඟ කටයුතුකල
ආකාරයත් සබරගමුවේ හා දකුනේ මිනිසුන් තුල පවතින ආකල්පත් එමෙන්ම එම වකවානුවේ රටතුල පැවති
වාතාවරනයත් අධ්‍යයනය
කළේ නම් ඔහු කෙබදු පුද්ගලයෙකු ද
යන්න අවබෝදවනු ඇත.
නරේන්ද්‍රසිංහ රජු ගේ අදක්ෂ පාලනය හේතුවෙන් මහනුවර නායක්කර් වරුන්ගේ බලය ක්‍රමක් ක්‍රමයෙන් වැඩීවන්නට විය . නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් පසුව සිංහලයන්
ගේ අවාසනාවට මදුරාපුර බිසවගේ සොහොයුරා
සිංහාසනයට පත්විය.ඔහු ශ්‍රි විජය රාජසිංහ
නමින් රජවිය. එමරජු මදුරාපුරයෙන්
ගෙන්වාගත් බිසවගේ පියා වු නරේන අප්පා නායක්කර් තමාගේ පුතුන් දෙදෙනාත් තවත්
නෑදෑයන්ද රාජකීය ගරුබුහුමන් ලබමින් රජයේ දේපල බුක්ති විදිමින් සැපසේ විසුහ.රජුගේ අවෑමෙන් නරේන අප්පා
නායක්කරගේ බාල පුත් කුමරා කීර්ති ශ්‍රී රාජසිංහ නම්න් රජවිය.නාඩුකට්ටුසාමි නායක්කර්
දියනිය සමඟ 1749දී මේ රජතුමා විවාහ වු අතර තවත් ද්‍රවිඩයන් පිරිසක් නෑදෑයන් වශයෙන් ලංකාවට පැම්ණියේය.
ක්‍රමක් ක්‍රමයෙන් මහනුවර නගරයේ ද්‍රවිඩයන් ගේ බලය වැඩිවන්නට විය.සිංහලයන් ගේ අයිතිවාසිකම් කෙමෙන්
කෙමෙන් ගිලිහියන්නට ව්ය.
ක්‍රි.ව.1760 දී රජතුමා ජිවිතක්ෂයට පත් කිරිමට කුමක්ත්‍රණයක යෙදුන අතර පන්සලේ දමි දෙසුමක් ශ්‍රවනය කිරිමට රජුට ආරාධකා කොට බොරුවලක ලා මැරවීමට .උපාය යෙදිය.අවාසනවට ගෝපල මුදියන්සේ නම් මරක්කල වෙදරල රජතුමා වෙත කුමන්ත්‍රණය හෙලිකලාය.සමනක්කොඩි දෙවෙනි අදිකාරම් . මොලදන්ඩ දිසාව හා තවත් තිදෙනෙකු මරාදමන ලදී.මොලදන්ඩ දිසාව සතුව තිබු
සියලු දේපල ගෝපාල
මුදියන්සේටපැවරීය.
ක්‍රි.ව. 1762 දි සිංහල -ලන්දේසි යුදගිනි ඇවිලීමත් සමඟ රජු කර්නාටක දේශයේ නවාබ් තුමා ගෙන් යුධ ආධාර
ඉල්ලා සිටියත් ඉංදියාවේ රජවරු නායන්කර්වරු ඉතා පහත් කොට සැලකූ බැව්න් ඉල්ලිම ප්‍රතික්ෂේප විය.
සිංහලයෝ දරිද්‍රතාවයෙන්
මිරිකෙන්නට විය.නායක්කර්වරු රජ සැප විදිමින්
රදලයන් ගේ දේපල උගසට ගනිමින් මුදල් පොලියට දීමෙන් සාරවත් ඉඩම් හිමිකර ගැනීමත් සමඟ
සිංහලයන් ගේ වෛරය තවත් වැඩිවන්නට විය.කීර්ති
ශ්‍රී රාජසිංහ රජු
1782 දී මියයාමෙන් පසු
ඔහු ගේ බාලසොහොයුරා රාජාධිරාජසිංහ නමින් රජවිය . සිංහලයන්ගේ බලවත්ම පුද්ගලයා වෙමින් පිලිමතලවේ මහඅධිකාරම් තනතුරට පත්විය. රාජාධිරාජසිංහ රජු දරුවන් නොමැතිව 1796දි අහාවයට
පත්විමෙන් පසු උපායශීලි නායකයෙකු වු පිලිමතලාවේ මහඅදිකාරම් රට බේරාගැනිමට හොද අවස්තාවක් යයි
කල්පනාකොට කන්දසාමි කුමරා ශ්‍රී වික්‍රම
රාජසිංහ නමින් සිංහාසනාරූඪ
කරවීය.පිලිමතලාවේ ගේ බලාපොරොත්තු ඉටුනොවිය.රජුය විරුද්ධව කැරලිගැසීම
හේතු වෙන් පිලිමතලාවේ ගේ හිසගසාදමන්නට විය. ඉන්පසු මේ තනතුරට පත්කරන්නට යෙදුනේ
පිලිමතලාවේ පාර්ශවයේ
පතාක යෝධයකු වූ ඇහලේපොල මහනිලමේය.සිංහලයන් ගේ ඉරනම ඔහු ගේ
දෙවුරමත විය. සිංහල
රජවරුන් ගේ සමයේ නොතිබු දීන දන්ඩ
නමස්කාරයක් හා වැදුම් පිදුම් පිලිවෙත් සාමාන
සිංහල වැසියන් ගෙන් පමනක් නොව සිංහල රදලවරුන් ගෙන් ද.විදේශිය තානාපතිවරුන් ගෙන්ද ලැබ
ගත්තේය. කොතරම් උසස්
පුද්ගලයෙකුවුවද දෝලාවක හෝ අසකු පිට නැගි ගමන් කිරිම තහනම් විය.නරෙන්ද්‍රසිංහ රජුගෙන් පසු නායකාර්වරුන් ගෙන්සිංහලයනට සිදු වූ වද හිංසා ගැන ඇහැලේ පොල මහ නිලමේ මහත් කලකීරිමෙන් සිටියේය.සිංහලයන්ට
පාලන බළය ලබාගැනීම
සඳහා සබරගමුවට පැමිණ
මඩුවන්වෙල දිසාවේ සමඟ නිතර නිතර කතිකා කලේය.පිලිමතලාවේද මල්වත්තේ
මහානායන හිමියන්ට පවසා තිබුනේ ඉංගිසින් ගෙන් උදව් ලබාගන්නා බවයි.
අවසානයේ බිරිදද දරුවන්ද අහිමිවිය.ඇහැලේ පොලට රජකම ලබාදෙන
බවට එකඟ වීමෙන් අනතුරුව ඉංගිසි හමුදාවේ අසෙකුට හෝ තුවාලයක් නොලැබ උඩරට යටත්
කරගැනිමට උදව් කළේය .ගුනමකු
ඉංගිසි පාලකයෝ ඇහැලේපොල සිරගත කළේය පසුව මුරිසි දිවයිනට පිටුවහල් කළේය.ඉංගිසි සොල්දාදුවන්
විසින් ඔහුගේ දේපල කොල්ල කෑවේය.
මත්පැන් පානයෙන්ද වැලකීසිටි ඇහැලේපොල නිලමේතුමා
පුජාවලිය.උපාසකජනාලංකාරය.ජාතකපොත ආදි පොත් පත් ගෙන්වාගන්නාලදී.ඔටුනු නොපලන් අන්තිම සිංහල රජු වු මෙතුමා1829.අප්‍රෙල් 5 සෙනසුරාදා මුරිසියේ දී අවසන් හුස්ම හෙලීය.
නැසීගිය කේ ජේ ඩී උභයරත්න මයා නැසීගිය විමලසේන
උභයරත්න මයා නැසිගිය පොඩිනෝනා උභයරත්න
මහත්මිය නැසිගිය කලුගමගේ අන්දිරිස්හාමි මහතා
තොරතුරු ලබාදුන් ඉහත සඳහන් අයට ස්තූතිය පලකරමු !
රංජිත් කේ. ගමගේ -අඟුල්මඩුව
No comments:
Post a Comment